LOLC LIFE ASSUARANCE LTD

01)ශ්‍රී ලංකාවේ රක්ෂණ ව්‍යාපාරයට මුලින්ම ඇතුළු වුයේ,
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගම
ලන්ඩනයේ ලොයිඩ් සමාගම
ඒජන්සි හවුස්
සෙලින්කෝ සමාගම
02)රක්ෂණ ව්‍යාපාරය ජනසතු කරන ලද්දේ,
1961
1938
1962
1964
03)අනාගත රක්ෂිතයකු විසින් තම ජීවිත අවදානම භාරගත්තා මෙන් ඉදිරිපත් කරන ලද යෝජනා පත්‍රයක් රකෂකයා විසින් කොන්දේසි සහිතව පිළිගැනීමට ලක් කරනු ලබයි. මෙහිදී ,
ශුද්ධ අර්පනයක් සිදුව ඇත
සුළු අපරාධයක් සිදුව ඇති අතර එය රක්ෂිතයා පිළිගැනීමට ලක් කර ඇත.
ප්‍රකාශනය නිවැරදි නොවේ
අර්පණය ගිවිසුම් නීතිය පටහැනි වේ
04)රක්ෂණ ගිවිසුමක ආකෘතිය,
ලිඛිත විය යුතුය
ඕනෑම ස්වරූපයක් විය හැක
රක්ෂණ මණ්ඩලය අනුමත කල යුතුය
වාචික විය යුතුය
05)ව්‍යර්ථ කිරීම යනු,
ගිවිසුම් නීතිය යටතේ ගිවිසුමට මූලික වූ පාර්ශවයක් මිය යාමයි
ගිවිසුමට මූලික වූ විෂය වස්තුව විනාශයට පත් වීමයි
ගිවිසුම එක් පාර්ශවයක් කඩ කිරීමයි
ඉහත සදහන් කිසිවක් නොවේ
06)නියෝජ්‍යත්වය අවසන් කල හැක්කේ, A)දෙදෙනා අතර එකගත්යෙන් B) කාලය ඉකුත් වීමෙන් C)සිය කැමැත්තෙන් D)ඇටෝනි බලය ඉවත් කිරීමෙන්
A,B,D
A,B,D,C
B,C,D
A,D
07)ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්‍රයේ පෞද්ගලික සමාගම් සදහා ඉඩ සලසමින් අනුමැතිය ලබා දෙන ලද්දේ,
1987
1986
1982
1978
08)අන්‍යන්තර මුදල් සැපයීම තුලින් දීර්ඝ කාලීන සත්තු රක්ෂණය යටතේ රක්ෂිතයාට සැලසෙන පහසුව වනුයේ,
වෙනත් අයෙකුගේ සහයෝගයක් නොමැතිව දෛනික ජීවන ක්‍රියාවලියන් ඉටු කරගත හැකි වීමයි.
සාත්තු සේවය අවශ්‍ය වීමට පෙර දායක මුදල් ගෙවීමෙන් ගිවිසුම ආරම්භ කිරීමෙන්
අදාළ පුද්ගලයාට නේවාසික සාත්තු සේවය ලබා ගැනීම සදහා අවශ්‍යතාවය උදාවන අවස්ථාවේදීම එකවර මුදල් ගෙවීමේ හැකියාවයි
වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන් සදහා ලබා ගත හැකි වීමයි.
09)රක්ෂණ ඔප්පුවක ප්‍රධාන අංගයන් කවරේද?
ප්‍රතිලාභ සහ කොන්දේසි
රතිලාභ සහ බැහැර කිරීම්
නියමයන් සහ කොන්දේසි
ප්‍රතිලාභ,වරප්‍රසාද,නියමයන් සහ කොන්දේසි
10)සිතා බැලීම් කාලසීමාව යන්නෙන් අදහස් වන්නේ,
රක්ෂණ නියෝජිතගේ අවශ්‍යතාවකි
රක්ෂකයාගේ ස්වයං යාමන අවශ්‍යතාවකි
රක්ෂණ තරව්කරුගේ අවශ්‍යතාවකි
රක්ෂණ සමාගමෙහි අවශ්‍යතාවකි
11)මරණ ප්‍රතිලාභ ගෙවීමේදී හෝ පරිනත හිමිකම් පෑමකදී රක්ෂණ ඔප්පුවේ මුල් පිටපත අවශ්‍ය වනුයේ,
ගෙවීමට ඇති මුදල දැනුම් දීමට
නිදහස් කිරීමේ වවුචර පත්‍රය යැවීමට
නෛතික හිමිකම් ඔප්පු කිරීමට
යථා පරිදි වාර්තා කිරීමට
12)රක්ෂිතයකුගේ හිමිකමක් ප්‍රතික්ෂේප වූ දිනේ සිට නීතිමය පියවර ගත යුතු කාල වකවානුව කවරේද?
වසර2
වසර6
වසර3
කාල සීමාවක් නැත
13)රක්ෂණ සැලසුමක මිල නියම කිරීමේ දෙපාර්තමේන්තුව මෙලෙස හදුන්වයි
රක්ෂණ ඔප්පු හිමියන් ආරක්ෂා කරයි
හිමිකම් දෙපාර්තමේන්තුව
ආයුගනක දෙපාර්තමේන්තුව
ඉහත සියල්ල
14)කාලීන රක්ෂණය යටතේ රක්ෂිතයා අදාළ ප්‍රතිලාභ ගෙවනු ලබන්නේ, A)ඔප්පු කාලසීමාව අවසන් වනතෙක් ජීවිත රක්ෂිතයා ජීවතුන් අතර සිටියහොත් පමණි B)නිශ්චිත කාලසීමාව තුලදී ජීවිත රක්ෂිතයාගේ මරණය සිදු උවහොත් පමණි C)ඕනෑම අවස්ථාවකදී සිදු වන ජීවිත රක්ෂිතයාගේ මරණයේදී D)ජීවිත රක්ෂිතයා මියයන අවස්ථාවේදී ඔප්පුව බලාත්මකව පැවතියහොත් පමණි E)ආරම්භක දිනයේ සිට අවරුදු තුනකින් පසුවය
A,E
B,D
D,E
C,E
15)දීර්ඝ කාලීන සත්කාර රක්ෂණය යටතේ දෛනික ජීවිත ක්‍රියාකාරකමක් නොවන්නේ,
සේදීම සහ දියනෑම
වැසිකිලි භාවිතය ඇදුම් ඇදීම
ඇදුම් ඇදීම
වැඩ කිරීම
16)කේන්ද්‍රීය පුද්ගල රක්ෂණය යනු,
ආයතනයන්හි මුලිකම පුද්ගලයා රක්ෂණය වේ
ආයතනයන්හි ප්‍රධාන ඉංජිනේරුවරයා රක්ෂණය කිරීම වේ
ආයතනයේ අයිතිකරුවන් රක්ෂණය කිරීම නම් වේ
ඉහත සියල්ලම
17)පළමු වරට ලියාපදිචි වූ රක්ෂණ ඔප්පුවේ රක්ෂිත මුදල වනුයේ,
පවුම් 100
පවුම් 50
පවුම් 150
පවුම් 70
18)රක්ෂණ ඔප්පුවක් ලබාගත් රක්ෂිතයකු තම නීත්‍යානුකුල නොවන බිරිද සදහා ප්‍රතිලාභ නම් කර ඇති විටකදී එය නිරාකරණය කරනුයේ,
අධිකරණ නියෝගයක් මගින්
නිත්‍යානුකුල බිරිදට පමණි
හිමිකම් ගෙවීම සදහා කිසිදු බලපෑමක් නොමැත
දෙපාර්ශවයේ දරුවන්ට පමණි
19)ශුද්ධ වාරිකය හෙවත් නිර්මාල වාරිකය යනු,
වාරිකය තුල අන්තර්ගත පොළියයි
වාරිකය තුල අන්තර්ගත වියදමයි
මර්තතාව සදහා වූ අගයයි
මර්තතාව සහ පොලිය යන සාධක දෙකෙහි එකතුවයි
20)පළමුවරට ලියාපදිංචි වූ රක්ෂණ ඔප්පුවේ කාල සීමාව කොපමණද?
මාස 24
මාස 6
මාස 12
මාස 18
21) SLII සම්බන්ධයෙන් පහත සදහන් ප්‍රකාශ අතුරින් වැරදි ප්‍රකාශය කුමක්ද?
එය රක්ෂණ විෂයය පිළිබද දේශන පවත්වයි
එය රක්ෂණ විෂයය විභාග පවත්වයි
එය ලාභ නොලබන ආයතනයකි
එය මුදල් අමාත්‍යංශය යටතේ පවතින්නකි
22)හීනවන කාලීන රක්ෂණයෙහි විශේෂ ලක්ෂණයක් වන්නේ,
කාලසීමාව පුරා ප්‍රතිලාභ වෙනස් නොවන නමුත්,වාරිකය වාර්ෂිකව අඩු වේ
ප්‍රතිලාභ සහ වාරික ක්‍රමයෙන් අඩු වේ
කාලසීමාව පුරා ප්‍රතිලාභ වාර්ෂිකව අඩු වේ
කාලසීමාව අවසානයේදී පරිනත අගයක් ඇත
23)සියදිවි නසාගැනීමේ බැහැර කිරීම අදාළ වනුයේ,
ඔප්පු ආරම්භක දිනයේ සිටයි
ප්‍රාණවත් කල දිනයේ සිටයි
ආරම්භ කල දින සහ ප්‍රාණවත් කල දිනයේ සිටයි
අප්‍රාණික වූ දිනයේ සිටයි
24)මරණ හිමිකමක් යටතේ අවධානය යොමු කිරීම අවශ්‍යවන විශේෂ කරුණ වන්නේ, A)මරණය සිදු වූ දිනය B)මරණය පිළිබද සාක්ෂි C)මරණයට හේතුව D)මරණය පිළිබද පූර්වනුමිතිය E)වයස ඔප්පුකිරීමේ සාධක
A,B,C,D
A,B,C,E
B,C,D,E
ඉහත සියල්ල
25)ගිවිසුමකින් නිදහස් විය හැකි වන්නේ,
අර්පනයක් මගින්
පිළිගැනීමක් මගින්
ප්‍රති අර්පනයක් මගින්
ව්‍යර්ථ කිරීම මගින්
26)තකාෆුල් රක්ෂණය යටතේ නිවැරදි ප්‍රකාශය වනුයේ, A)අරමුදලේ සහ මෙහෙයුමේ හිමිකාරිත්වය ඔප්පුහිමියන්ට මාරු කරනු ලැබේ B)ඔප්පුහිමියන්ගෙන් එකතුකරනු ලබන වාරික ප්‍රධානයක් වශයෙන් සලකනු ලැබේ C)ලාභාංශය සමාගමට හෝ එහි කොටස්කරුවන්ට අයිති නොවේ
A,B
B,C
A,C
A,B,C
27)සිතා බැලීමේ කාලය සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය මින් කුමක්ද?
ඔප්පුහිමියා ලබාගෙන තිබෙන හෝ ඉල්ලුම්කර තිබෙන ජීවිත රක්ෂණය පිළිබද අදහස තවදුරටත් සිතාබලා තමන්ගේ තීරණය වෙනස්කිරීමට ලබා දී ඇති කාල සීමාවයි
මෙම කාලසීමාව සාමන්යෙන් යෝජනා පත්‍රය පුරවා දින 21ක් හෝ ඔප්පුව නිකුත් කර දින 14 යන දෙකෙන් පසුව එළබෙන කාලසීමාවයි
මෙම අයිතිය ක්‍රියාත්මක කළහොත් සම්පූර්ණ ගිවිසුම අවලංගුවන අතර ගෙවා ඇති වාරික ආපසු ගෙවනු නොලැබේ
මෙම අයිතිය සදහා වූ කාලසීමාව සමාගම විසින් පාරිභෝගිකයාට විස්තර කර දිය යුතුය
28)පරිත්‍යාග රක්ෂණයක් කාලීන රක්ෂණයෙන් වෙනස් වන්නේ,
කල් පිරීමේදී ප්‍රතිලාභ ලැබෙන නිසා
වාරික අඛන්ඩව ගෙවීම නිසා
මරණයකදී ප්‍රතිලාභ ගෙවන නිසා
නිශ්චිත කාල සීමාවක් තිබීම නිසා
29)හදිසි අනතුරු මරණ ප්‍රතිලාභ ලබා ගැනීමට මරණය හදිසි අනතුර සිදු වී කොපමණ කාලයක් ගත විය යුතුද?
දින 30
දින 60
දින 90
දින 120
30)සක්‍රිය සේවා නියුක්තික විධිවිධාන අදාළ වන රක්ෂණ ක්‍රමය වනුයේ,
කාලීන රක්ෂණය
යාවජීව රක්ෂණය
තකාෆුල් රක්ෂණය
සමුහ රක්ෂණය
31)ජීවිත මෙහෙයුම් යටතට අයත් වන්නේ කුමන දෙපර්තමෙන්තුද? A)හිමිකම් පෑම B)ආයුගණක C)සේවාලාභින් සදහා සේවා D)ප්‍රාරක්ෂණ E)ගිණුම්
A,C,D
A,B,C
A,E,D
A,C,D
32)සෑම රක්ෂනකරුවෙකුම වාර්ෂික ශුද්ධ වාරික ආදායමෙන් සියයට භාගයක් නොඉක්මවන අනුප්‍රමානයකට යටත්ව මණ්ඩල නිශ්චය කරන අනුප්‍රමානයක් මත අය කරනු ලබන බද්ද වන්නේ,
VAT බද්ද
ජාතිය ගොඩනැගීමේ බද්ද
සෙස් බද්ද Cess
ඉහත කිසිවක් නොවේ
33)විකිණුම් හා අලෙවි දෙපාර්තමේන්තුවේ වගකීමක් නොවන්නේ,
නව ව්‍යාපාර සංවර්ධනය
රක්ෂණ ක්‍රම සදහා මිල නියම කිරීම
පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය
වෙළද දැන්වීම් හා විකිණුම් ප්‍රවර්ධනය
34)පුද්ගලයකුගේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් අවදානම් වර්ග වන්නේ,
විලම්භිත අවදානම
සාමාන්‍ය සම්මත අවදානම
ප්‍රතික්ෂේප කල හැකි අවදානම
උප ප්‍රමාණික අවදානම
35)ලියාපදිංචි වීමකින් තොරව රක්ෂණ නියෝජිතයකු ලෙස ක්‍රියා කළහොත් වරදකරු කරනු ලැබූ විට ගෙවිය යුතු දඩ මුදල වනුයේ,
25000
50000
75000
35000
36)නිමල් රිය අනතුරකින් තුවාල ලබා සිටින අතර ඔහු තම ජීවිතය වෙනුවෙන් ජීවිත රක්ෂණයක් ඉල්ලුම් කර ඇත.මේ සම්බන්දයෙන් රක්ෂණ ආයතනය ගත හැකි ක්‍රියාමාර්ග වනුයේ, A)රක්ෂණය කල් තැබිය හැකිය B)රක්ෂණය ප්‍රතික්ෂේප කල හැකිය C)සෞඛ්ය තත්වය නොසලකා රක්ෂණ අයදුම්පත භාරගත හැක D)වෛද්‍ය පරීක්ෂණයට භාජනය කල යුතුය
A,B,D
A,B,C
A,C,D
A,B,C,D
37)යම් රක්ෂණ වන්දි ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම යටතේ නඩු පැවරිය හැක්කේ,
අවුරුදු 3ක් ඇතුලත
අවුරුදු 2ක් ඇතුලත
අවුරුදු 4ක් ඇතුලත
අවුරුදු 6ක් ඇතුලත
38)ප්‍රථම රක්ෂණ ඔප්පුව ලබාගෙන ඇත්තේ කුමන පුද්ගලයකුගේ ජීවිතය සදහාද?
විලියම් ගිබන්ස්
රිචඩ් චවින්
රිචඩ් හෙන්රි
විලියම් ගිල්බට්
39)රක්ෂණ ඉතිහාසයේ රක්ෂණ සමාගම් බිහිවීම මුලික වූ කරුණ වන්නේ,
ව්‍යාපාර රක්ෂණ ක්‍රම ඇතිවීම
වාණිජ සංගම් තම සාමාජිකයන්ගේ අවමන්ගල්‍ය වියදම් සදහා මුදල් ආධාර සැපයීම
රෝමානු අධිරාජ්‍ය පැවති මරණාධාර සමිති
ඉහත කිසිවක් නොවේ
40)ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය ස්ථාපිත කරන ලද්දේ කවදද?
2001 මාර්තු 31
2000 මාර්තු 01
2001 මාර්තු 01
1999 දෙසැම්බර් 15
41)රක්ෂනීය අයිතිය තිබිය යුත්තේ,
රක්ෂණ ගිවිසුම ආරම්භයේදී පමණි
ප්‍රතිලාභීන් නම් කිරීම සදහා පමණි
රක්ෂණ ඔප්පුව කල් පිරීමේදී පමණි
රක්ෂණ ඔප්පු ආවරණ කාලසීමාව පුරාවය.
42)1962ට පෙර ලංකාවේ විදේශ රක්ෂකයින්ගේ නියෝජිතයන් වන්නේ,
කර්යන්ස් ක්ම්බර්බැච්
ග්ලෝබල් ඉන්ෂුරන්ස් බ්‍රොකර්ස් අසොශියන්
ඒජන්සි හවුස්
කොලොම්බියා ඉන්ෂුරන්ස් බ්‍රොකර්ස්
43)ඉල්ලුම් පත්‍රය පිරවීමේදී සැලකිල්ලට ගත යුතු කරුණ නොවන්නේ කුමක්ද?
සියලු වැදගත් කරුණු සදහන් කල යුතුය
ඉල්ලුම් පත්‍රය ඕනෑම පුද්ගලයකු විසින් පිරවිය හැකිය
සියලු සංශෝධන වලක්වා ගත යුතුය
සියලු ප්‍රශ්නවලට සම්පූර්ණයෙන් පිළිතුරු දිය යුතුය
44)ගිවිසුමක් කඩකිරීමේ ප්‍රතිකර්මය වන්නේ,
පසු බැසීම
අලාභ සදහා නඩු පැවරීම
තහනම් නියෝගයක් ලබා දීම
ඉහත සියල්ල
45)හානිපූර්නයක් කරනු ලබන්නේ නම්,
දායකත්වය සහ ආදේශනය අදාළ වේ
උපරිම සද්භාවය සහ රක්ෂනීය අයිතිය අදාළ වේ
ආදේශය සහ ආසන්නතම හේතුව අදාළ වේ
කිසිවක් අදාල නොවේ
46)අවරෝහණ කාලීන රක්ෂණයෙහි මුලික ලක්ෂණය වනුයේ,
වාරිකය සහ ප්‍රතිලාභය එකම මට්ටමක පැවතීම
වාරිකය සහ ප්‍රතිලාභය ක්‍රමයෙන් ඉහල යාම
වාරිකය එකම මට්ටමක පැවතියද ප්‍රතිලාභය ක්‍රමයෙන් අඩු වීම
ඉහත සියල්ලෙහිම එකතුවකි
47)දෛනික ජීවිත ක්‍රියාවලියන් සමහරක් ඉටුකර ගැනීමට නොහැකි තත්වයට පත්වුවහොත් හිමිකම් ගෙවනු ලබන රක්ෂණ ක්‍රමවේදයකි,
පූර්ණ අබලතා රක්ෂණය
අර්ධ අබලතා රක්ෂණය
දීර්ඝ කාලීන සාත්තු රක්ෂණය
වාර්ෂික රක්ෂණය
48)සෙස් බද්ද සෑම රක්ෂනකරුවෙකුගේම වාර්ෂික ශුද්ධ වාරික ආදායමෙන් සියයට කොපමණ ප්‍රමාණයක්ද?
0.5%
1%
1.5%
2%
49)ඔප්පුවක ප්‍රතිලාභියා කව්රුන්ද?
රක්ෂණ ඔප්පුවෙහි ප්‍රතිලාභ ලබා ගැනීම සදහා නම්කර ඇති පුද්ගලයා
ඔප්පුවෙහි නෛතික හිමිකරු
ජීවිතය රක්ෂණය කරනු ලැබ ඇති පුද්ගලයා
ඔප්පුවෙහි වාරික ගෙවන්නා
50)ගෙවා නිමි අගයක් අත්කරගන්නා ඔප්පුව කුමක්ද?
සියලුම අප්‍රාණික වූ ඔප්පු
පවාරණ අගයක් සහිත ඔප්පු
පවාරණය කරන ලද සියලුම ඔප්පු
ප්‍රාණවත් කරන ලද සියලුම ඔප්පු
0
{"name":"LOLC LIFE ASSUARANCE LTD", "url":"https://www.quiz-maker.com/Q8749DZHG","txt":"01)ශ්‍රී ලංකාවේ රක්ෂණ ව්‍යාපාරයට මුලින්ම ඇතුළු වුයේ,, 02)රක්ෂණ ව්‍යාපාරය ජනසතු කරන ලද්දේ,, 03)අනාගත රක්ෂිතයකු විසින් තම ජීවිත අවදානම භාරගත්තා මෙන් ඉදිරිපත් කරන ලද යෝජනා පත්‍රයක් රකෂකයා විසින් කොන්දේසි සහිතව පිළිගැනීමට ලක් කරනු ලබයි. මෙහිදී ,","img":"https://www.quiz-maker.com/3012/images/ogquiz.png"}